2018 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවේ පැවති විසිඑක් වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට පෙර උළෙලවල් වල දී ට වඩා කීර්තියක් එක් කර දීමට සමත් විය. ඒ පොදු රද මඩුළු ඉතිහාසයේ එක් උළෙලක දී ශ්‍රී ලංකාව දිනා ගත් වැඩි ම පදක්කම් ප්‍රමාණය ලබා ගැනීමට සමත් වීමත් සමඟ ය. ඒ අතරින් අර්ධයක් එනම් ත්‍රිත්වයක් ම දිනා ගනු ලැබූයේ බොක්සිං ක්‍රීඩාවෙන් වීම විශේෂත්වයකි.
එම ගෞරව ඉදිරියටත් ගෙන යාමට මෙවර ද බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වේ දැයි ක්‍රීඩාලෝලීන් නෙත් දල්වා බලා සිටින අවධියක අපගේ මේ සටහන 2022 පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම් ව සිටින බොක්සිං පිරිමි සංචිතයේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හා ජයග්‍රහණ පිළිබඳව යි.
මෙවර බොක්සිං ක්‍රීඩාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් පස් දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.
බොක්සින් පිරිමි සංචිතය
- ඉශාන් බණ්ඩාර
- රුක්මාල් ප්‍රසන්න
- සංජීව බණ්ඩාර රාජකරුණා
- නික්ලස් විටාලිස්
- ජීවන්ත විමුක්ති කුමාර
මේ අතරින් ඉශාන් බණ්ඩාරට වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට හැකි වී තිබේ. ඒ තම පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දීම ලෝකඩ පදක්කමක් ලබා ගැනීමට සමත් වීමත් සමග ය. තිස් වැනි වියේ පසු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයෙක් වන ඔහු flyweight බර පන්තිය යටතේ තරඟ වැදීමට සූදානම්ව සිටී. 2018 වසරේ ජයග්‍රහණයෙන් පසුව මද පසුබෑමක් පෙන්නුම් කර ද නැවත තම සුපුරුදු තරඟ රටාවට අවතීර්ණ වූ ඔහු රෝයල් මාස් ඇරීනා හිදී පැවති අවසන් තේරීම් තරගවල දී මෙම වසරේ දී ද තමා කෙරෙහි පදක්කම් බලාපොරොත්තු තැබිය හැකි බව ඔප්පු කිරීමට සමත් විය. මොහුගේ බර පන්තියට අදාළ Layton කුසලානය ද මොහු තමන් සතු කර ගත්තේය.
විසි දෙවන වියේ පසු වන පොලිස් ක්‍රීඩා සමාජයේ නියෝජනය කරන රුක්මල් කුමාර ද තවත් අති දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙකි. ප්‍රංශයේ පැවැති Les Ceintures ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමට ලැබීම ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂිත ම අවස්ථාවක් ලෙස දැක්විය හැක. එහි දී ඔහු අවසන් පූර්ව වටයේ දී ඉතාලියේ ක්‍ර්‍රිඩකයකු හා අවසාන වටයේ දී කැනඩාවේ අල් අහ්මදි පරාජය කිරීමට සමත් විය. ඊට අමතරව ඔහු ඔහුගේ බර පන්තිය ට අදාළ ව ජාතික ශූරතාවය මෙන්ම Layton කුසලානය ජයග්‍රහණය කර තිබේ.
යුද හමුදාව නියෝජනය කරන සංජීව බණ්ඩාර රාජකරුණා රෝයල් මාස් ඇරීනා හිදී පැවති 80 වන Layton කුසලාන බොක්සින් ශූරතාවලියේ දී light welterweight කාණ්ඩයෙන් තරග වැදී තරගාවලියේ හොඳම බොක්සින් ක්‍රීඩකයාට හිමි Layton කුසලානය ලබා ගැනීමට සමත් විය.
යුද හමුදාව නියෝජනය කරන නිකලස් විටාලිස් උතුරු පළාත(කිලිනොච්චිය දිස්ත්‍රික්කය) නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරන පළමු බොක්සින් ක්‍රීඩකයා ය. තේරීම තරඟ වලදී ඔහුගේ බර පන්තියේ ශූරයා වීමත්, තම බර පන්තිය සදහා Layton කුසලානය හිමි කර ගැනීමත් සමග තමා එම බර පන්තියෙන් ශ්‍රී ලංකාවේ ශූරයා බව පෙන්වීමට ඔහුට හැකියාව ලැබුණි.
එසේම ජීවන්ත විමුක්ති කුමාර ද අති දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකි. 2021 වසරේ පැවති ලෝක ආරක්ශක සේවා බොක්සින් තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමත්, එම වසරේම පැවති ආසියානු බොක්සින් ශූරතාවලිය නියෝජනය කිරීමත් සුවිශේෂී වේ. ආසියානු ශූරතාවලියේදී ඔහු තම ප්‍රතිවාදියා වූ පිලිපීනයේ Jere Samuel De La Cruz හට ඉතා තියුණු තරගයක් ලබා දීමට සමත් විය. එසේම අනෙක් ක්‍රීඩකයන් සිව් දෙනා මෙන්ම මොහුද තම බර පන්තියට අදාළ Layton කුසලානය ජයග්‍රහණය කරගත්තේය.
ලක් මෑණියන්ට ගෞරවයක් අත් කර දීමේ අරමුණෙහි ලා තව නොබෝ දිනකින් මොවුන් සියලු දෙනා තරඟ බිමට පිය නැගීමට නියමිතය. පසු ගිය වර ඕස්ට්‍රේලියාවේ දී ටද වඩා වැඩි ගෞරවයක් මෙවර ශ්‍රී ලංකා මාතාවට අත්කර දීමට මෙම ක්‍රීඩකයන් සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාවයි.
Comments