කැලණිය සහ සබරගමුව අන්තර් විශ්ව විද්‍යාල වොලිබෝල් තරඟවල තම අණසක පතුරුවයි.
Events
2023-01-14 | Dulsara Gimhana
කැලණිය සහ සබරගමුව අන්තර් විශ්ව විද්‍යාල වොලිබෝල් තරඟවල තම අණසක පතුරුවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලිය යටතේ වොලිබෝල් තරඟ පසුගිය දෙසැම්බර් 17 සිට 20 වන දින දක්වා පුරා දින 4ක් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. නිමාවට පත්වූ තරගාවලිය පිළිබඳව MoraSpirit අපගේ මතකය මෙම ලිපිය හරහා පාඨක ඔබ වෙත විවර කරලමු.

පොදු රද මඩුළු පදක්කම් සිහිනය - කාලිංග කුමාරගේ
Birmingham Watch
2022-07-01 | Dulsara Gimhana
පොදු රද මඩුළු පදක්කම් සිහිනය - කාලිංග කුමාරගේ

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ සුදුසුකම් සපුරාලන පසුබිමක අපගේ මේ ලිපිය සබැඳෙන්නේ ඒ අතරින් මෑත කාලයේ ඔබ අප සැමගේ ගෞරවාදරයට පත්වූ කෙටි මැදි දුර ධාවන ශූර කාලිංග කුමාරගේ සමගයි.

දකුණු ආසියානු කඟවේණාගේ ටෝකියෝ සම්ප්‍රාප්තිය
Road to Tokyo
2021-07-16 | Dulsara Gimhana
දකුණු ආසියානු කඟවේණාගේ ටෝකියෝ සම්ප්‍රාප්තිය

100m ඉසව්වෙහී දකුණු ආසියානු ශූරයා වන යුපුන් අබේකෝන් ප්‍රසාද ලකුණු හා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සෘජුව තේරීපත් වූ එකම ක්‍රීඩකයා වන අතර 1996න් පසු ශ්‍රී ලාංකිකයෙකු මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙනවා.

අභියෝගයන්ට හෙල්ලෙන් පිළිතුරු දුන් ක්‍රීඩා තරුව
Featured
2021-06-07 | Dulsara Gimhana
අභියෝගයන්ට හෙල්ලෙන් පිළිතුරු දුන් ක්‍රීඩා තරුව

"Beyond abilities" ලිපි මාලාවේ අද දිගහැරුමෙන් අප හමුවන්නේ 2021 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති සුවිශේෂී පුද්ගලයෙක්. හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ ලක් මවගේ නාමය පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම තැබීමට සමත්කම් දැක්වූ ඔහු නමින් ගාමිණී ඒකනායක.

ජීවිතයේ බිඳ වැටීමක් ශක්තියක් කරගත් අපේ කාලයේ ක්‍රීඩකයා
Featured
2021-03-28 | Dulsara Gimhana
ජීවිතයේ බිඳ වැටීමක් ශක්තියක් කරගත් අපේ කාලයේ ක්‍රීඩකයා

දහසකුත් එකක් බාධක මැද ජීවිතය ජයගත් මේ පාලිත බණ්ඩාර නම් වු දිරිය මිනිසාගේ කතාව ඔබ අප සැමට මහඟු උපදේශයක් වනු නොඅනුමානය. කිසිවෙකු සදාකාලික පරාජිතයින් නොවේ. සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ ධෛර්‍යය පමණි.

අන්තර්ජාතික හොකී සන්නාමයක පෙරමං සලකුණු
Featured
2020-11-29 | Dulsara Gimhana
අන්තර්ජාතික හොකී සන්නාමයක පෙරමං සලකුණු

"ඔබ දිනන්නේ ඔබේ කණ්ඩායම ජයගතහොත්‍ ය. එබැවින් සෑම කටයුත්තකදීම ඔබේ උපරිමය ලබාදී වැඩ කරන්න. ඔබ නිරායාසයෙන්ම ජයග්‍රාහකයෙකු බවට පත්වනු ඇත." සබරගමුව විශ්ව විද්‍යාලයීය හොකී කණ්ඩායම් නායිකා සකුන්තලා ඉලේපෙරුම සමග පවත්වන්නට යෙදුණු සම්මුඛ සාකච්ඡාව

අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්
Featured
2020-11-26 | Dulsara Gimhana
අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්

විශ්ව විද්‍යාලය යනු විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සහ විවිධ ක්ෂේත්‍රවල පැතිරුණු සමාජ එකමුතුවලින් පිරි සුන්දර තෝතැන්නකි. මෙම ලිපිය හරහා අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරග සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් එක්කරගැනීම සුදුසුද යන්නයි.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ අන්තර්ජාතික සළකුණ- 'සංගා'
Featured
2020-07-07 | Dulsara Gimhana
ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ අන්තර්ජාතික සළකුණ- 'සංගා'

සැවොම එකසේ ආදරය කරන සංගා 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධ කාරණයක් නිසාවෙන් නැවත කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්ව සිටියි. සංගාට ආදරය කරන ඔබ සැම වෙනුවෙන් ඔහුගේ ජීවිත කතාව සහ ඔහු හා සබැඳි පාසල් මෙන්ම විශ්වවිද්‍යාල මතකයන් සමග ක්‍රීඩාවට අත්පොත් තැබූ ආකාරය පිළිබඳව MoraSpirit අපි සොයාබැලීමක් කළෙමු.

ලොව වටා ක්‍රීඩාවට කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම
Featured
2020-04-04 | Dulsara Gimhana
ලොව වටා ක්‍රීඩාවට කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම

2019 වසර අග භාගයේදී චීනයේ වූහාන් නගරයෙන් ප්‍රථම වරට වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව රටවල් 200කට අධික ප්‍රමාණයක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙවන් වාතාවරණයකදී ක්‍රීඩා ක්ෂේත්‍රයට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ඇතිවී තිබෙන බලපෑම පිළිබඳව අපි සොයා බැලීමක් කළෙමු.